බස්නාහිර ඩෙංගු මර්දන වැඩසටහනක්

Picture of අසංක

අසංක

බස්නාහිර පළාත ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ආරම්භ කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා ඇත.

අද සිට සතියක කාලයක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය .

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් හමු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 කට අධික වන අතර ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තාවේ.