අජන්තා පෙරේරාට මහමැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ආරාධනා කරලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එන්.කේ.චන්ද්‍රපි්‍රය

මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්වන්නැයි ප්‍රධාන දේශපාලන පක‍ෂයකින් තමන්ට ආරාධනාවක් ලැබුණු බව ශී්‍ර ලංකා සමාජවාදී පක‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පරිසරවේදී, ආචාර්ය අජන්තා පෙරේරා පවසයි. ඇය කියා සිටියේ තමන් එම යෝජනාවට එකඟ නොවූ බවයි. වමේ දේශපාලන ගමනක් වෙනුවෙන් කැප වූ තමන්ට ධනවාදී දේශපාලන පක‍ෂ හෝ කඳවුරු සමඟ එකතු විය නොහැකි බවද ඇය කියා සිටියාය.

ඒ පිළිබඳ තවදුරටත් කරුණු දැක්වූ ආචාර්ය අජන්තා පෙරේරා මෙසේද පැවසුවාය.

මට ප්‍රධාන දේශපාලන පක‍ෂයකින් ආරාධනා ලැබුණත් එම ආරාධනාව පිළිගත්තේ නෑ. මම වමේ නායිකාවක් ලෙසයි පසුගිය ජනාධීපතිවරණයට ඉදිරිපත් වුණේ. කම්කරුවන්, ධීවරයින්, කර්මාන්ත ශාලා සේවකයින්, ගොවිජනතාව ඇතුළු වැඩකරන ජනතාව පිළිබඳ තමයි මං විශAවාසය තබන්නේ. ඔවුන් සමඟ එක් වූ වැඩපිළිවෙලක් තුළ පමණයි ශී්‍ර ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්නේ. කම්කරු ජනතාව තුළ උදේ‍යා්ගයක් ඇති කිරීම තුළින් රටක් දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා පුළුල් වැඩපිළීවෙලක් අවශ්‍යයයි. කෙසේ වෙතත් එවැනි වැඩපිළිවෙලක් තුළ මානවයා මෙන්ම සමාජයද දියුණු කල හැකියි. එවැනි කාර්යක් කරන්න පුළුවන් වෙන්නේ වමේ දේශපාලනයක් තුළින් පමණයි. ඒ නිසා ධනවාදී පක‍ෂ සමඟ එක්ව සැබෑ දියුණුව උදා කළ නොහැකි බව මාගේ විශ්වාසයයි. ඒ නිසා කුමන තනතුරු ලැබුණත්, එවැනි පක‍ෂයක් සමඟ එක්ව දේශපාලනය කිරීම පලදායී කි්‍රයාවන් නොවේ යැයිද ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියාය.