පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානය ගැන මහින්ද -මෛත්‍රී සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් හා හමුවක් අද(22) දින පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීම සම්භන්ධව මෙහිදී විශේෂයෙන් සාකච්ජාවට බඳුන් වීමට නියමිත බවද වාර්තාවේ.

එසේම විධායක ජනපතිධූරය ඉවත්කිරීම පිළිබඳවද නායක දේපල මෙහිදී සාකච්ජා කරනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

පැතුම් වික්‍රමරත්න