ශ්‍රී ලංකාවේ උද්ධමනය ජනවාරියේ 0.8% කින් ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමන අගය පසුගිය ජනවාරියේදී සියයට 0.8කින් ඉහල ගොස් ඇත. ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගොස් ඇත.

ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු වී ඇත..ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය.

කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

පැතුම් වික්‍රමරත්න