ගිනිගත්හේනේදී අනතුරක් – 20ක් රෝහලට

Picture of අසංක

අසංක

ගිනිගත්හේන ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන් රෝහල්ගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද පෙරවරු 8.00ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක් වු ස්ථානයේදිය.

අනතුරට ලක්වූ බස් රථ දෙකම එකම හිමිකරුට අයත් බස් රථ බව ද වාර්තා වේ.