වාහන 500 අළුවෙයි- ගගන ඉන්දියා-2019 නවතයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගගන ඉන්දියා -2019 ගුවන් ප්‍රදර්ශනය පැවැති ඉන්දියාවේ බැංගලෝර් නුවර යෙලහන්කා ගුවන් හමුදා මුලස්ථාන රථ ගාලේ අද දහවල් ඇතිවු මහා පරිමාණ ගින්නකින් රථගාලේ නවතා තිබු වාහන 500කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම පිළිස්සී විනාශ වී ගොස් ඇත.

ඒ අනුව ගගන ඉන්දියා -2019 ගුවන් ප්‍රදර්ශනය තාවකාලිකව නවතා දැමීමටද එරට බලධාරින් තීරණය කර කර තිබේ.

රථගාලේ වියළි තණ පිටියකට විසි කළ දැල්වු දුම්වැටියකින් මෙම ගින්න හට ගන්නට ඇතැයි ඉන්දිය බලධාරින් සැක පහළ කරයි.

දහවල් 12.30ට පමණ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන ඒකක 30කට අධික සංඛ්‍යාවක් එක්වී තිබේ.

මෙම ගින්නත් සමග ඇතිවු දුමාරයෙන් මුළු පළාතම දුමාරයෙන් වැසී ගොස් ඇති අතර ගගන ප්‍රදර්ශනය පැවැත්විය නොහැකි මට්ටමක් උද්ගතවී ඇත.

නමුත් මෙම ගින්න සම්බන්ධයෙන් ස්ථිර අදහසක් මේ දක්වා ඉන්දීය මාධ්‍ය විසින් ඉදිරිපත් කර නැත.

පකිස්ථානය සහ ඉන්දියාව අතර නැවතත් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව පෙනෙන්නට තිබේ.

රමේෂ් වරල්ලෙගම