කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතුවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත් ගම්මානවලට ගොස් ජනතාව ගැන සොයා බලන ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ඇදුම් කට්ටල් තොගයක් කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් කොළඹ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයටත් කොළඹ මහ නගර සභාවටත් ඊයේ (0 7) ලබාදුන්නේය.
ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ පරිහරණයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාන්චනා ගුණවර්ධන මහත්මියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ පරිහරණයට අවශ්‍ය ඇදුම් කට්ටල කොළඹ මහ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතාටත් කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති දේශබන්දු දම්මික සමරවික්‍රම මහතා විසින් භාරදුන්නේය.
එම අවස්ථාවට සංගමයේ ලේකම් පී.සේකර්, භාණ්ඩාගාරික ටී. නව කුමාරන් යන මහත්වරුන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනෝජ් ලංකා වාස් මහතාද සහභාගි වීය.
ඡයාරූපවල දැක්වෙන්නේ එම ඇදුම් කට්ටල පිරිනමන ආකාරයයි.




