ෆ්ලොයිඩ්ගේ විරෝධතාවලදී 1000ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර 10,000කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර සිටී.

මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක නගර 150කට අධික සංඛ්‍යාවකට මෙම විරෝධතා පැතිර ගොස් ඇත.

සාමකාමීව ආරම්භ වූ විරෝධතා ආරක්ෂක අංශවල මැදිහත් වීමත් සමඟ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය, ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා රැල්ලක් බවට පත්ව ඇත.

එම විරෝධතා මේ වනවිට ලොවපුරා ප්‍රධාන නගරවලටත් පැතිර ගොස් තිබේ.

විරෝධතා පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබුණද ඒවා නොතකමින් රට පුරා විරෝධතා පැවැත්වේ.