මහඡන්දේ අපේක්ෂකයන්ගේ මනාප අංක ලැයිස්තුව මෙන්න

Picture of අසංක

අසංක

මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22හි අපේක්ෂකයින්ගේ මනාප අංක සහිතව අද නිකුත් වූ ගැසට් පත්‍රයට අනුව ප්‍රධාන පක්ෂවල නායකයන්ගේ මනාප අංක මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂක අංක 17 සිට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා තරඟ වදිනු ඇත.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් අංක 15 සිට කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදි.

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයෙන් තර වදින්නේ අංක 20නි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයෙන් අංක 01න් තරග වැදීමට නියමිතය.

සම්පූර්ණ අපේක්ෂක ලැයිස්තුව මෙතනින් ?

2179-07_S (5)