වයස අවුරුදු 16 ට අඩු ළමුන් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් තහනම් කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

හෙටට යෙදෙන ‘‘ලෝක ළමා ශ‍්‍රම විරෝධී දිනය’’ ට සමගාමීව රජය මෙම පියවර ගෙන ඇත.

. ඒ අනුව ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින පනත් 05 ක් සංශෝධනය කිරීමටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙ

1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවකයින් පිිළිබඳ පනත, 1956 අංක 47 දරණ ස්තී‍්‍රන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත,

ඉන්දියානු කම්කරු අවම වේතන ආඥා පනත, 1942 අංක 45 දරණ කර්මාන්ත ශාලා ආඥා පනත සහ

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මෙලෙස සංශෝධනය කෙරේ.