කොළඹ නිදහස් චතුරශ්‍රය අසල මළ සිරුරක්

Picture of අසංක

අසංක

කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.

එම මළ සිරුර අද (12) උදෑසන 6.45 පමණ සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන පවත්වයි.