මුදල් කොල්ල කෑ හොර දොස්තර ඇල්ලූ බුද්ධි නිලධාරියා ඩිෆෙන්ඩර් අනතුරින් මරුට

Picture of අසංක

අසංක

බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක් හා ගැටී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද  (14) අළුයම මියගොස් ඇත.

ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල නිලධාරියා ය.

එම වැටලීම සාර්ථක ලෙස කිරීම වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් හා වැටුප් වර්ධකයක් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි පොලිස් කොස්තාපල් අලහප්පෙරුම නිලධාරියා අනතුරට ලක්ව තිබුණේ පසුගිය 11 වැනිදායි.

අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පදවා තිබුණේ කොළඹ නීති විද්‍යාලයේ සිසුවෙකි.

ඔහු බීමතින් රිද පැදවූ බවට ද අනාවරණය වී ඇත.