පුරාවිද්‍යාත්මක ස්ථාන ලබන 1 වැනිදා සිට විවෘතයි

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක සහ පරිශ්‍ර ලබන මස පළමුවැනිදා සිට දේශිය සංචාරකයින් සඳහා විවෘත කිරීමට බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මේ මෙහොතේ රට තුළ පවතින යහපත් වාතාවරණය සළකා සංස්කෘතික සංචාරක කර්මාන්තය හා බැඳිපවතින ජනජිවිතය ක්‍රමානුකූල කිරිමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්යංශය සඳහන් කර සිටී

පැමිණෙන සංචාරකයින් වෙනුවන් අදාල සියලු ආයතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරිමට පියවර ගෙන ඇති අතර යම් යම් සීමාද පනවා ඇත.

එම සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද සඳහා පැමිණෙන ජනතාවගේ සහයෝග අපේකෂා කරන බවද බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී.