ට්‍රම්ප්ගේ ඡන්ද වැඩ නිසා කොරෝනා යළි වැඩිවෙන ලකුණු

Picture of අසංක

අසංක

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ආරම්භ කර ඇති ජන්ද රැස්වීම් හේතුවෙන් ඉදිරියේදී ඇමෙරිකාව තුල කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් බරපතල විය හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

මෙතෙක් එරටින් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ (25) වාර්තා වූ අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා අනුව එය දැක්වෙන්නේ 37,077 ක් ලෙසය.

එරට සමස්ත ආසාදිතයින් ගණන 2,421,134 ක් ලෙස දැනට වාර්තා වී තිබෙන අතර මරණ 124,410 සිදුව තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ කාර්ය සාධන බලකායේ සෞඛ්‍ය විශේෂඥයින් ගේ උපදෙස් පවා නොතකා මැතිවරණ රැළි ආරම්භ කර ඇති අතර , මේ සම්භන්ධව එරට සිවිල් සංවිධාන රැසක විරෝධය එල්ලවී ඇත.

පසුගියදා ඔක්ලහෝමාහි ටල්සා නගරයේ පැවති රැළියේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙන බව තහවුරු කරගෙන ඇත. ඒ අනුව රැළියට සහභාගී වූ ජනාධිපතිවරයාගේ සියලුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබෙන බවද සඳහන් වේ.