කුරුණෑගල රාජසභාවේ වාර්තාව ප්‍රමාද වේවි – පුරාවිද්‍යා දෙ.

Picture of අසංක

අසංක

ආන්දෝලනයට ලක්ව ඇති කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව බව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ප්‍රමාදවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී .

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් , එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මේ බව සඳහන් කළේය .

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත එය නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.

මෙම කමිටුවේ අතුරු වාර්තාවක් අද දින අගමැතිවරයාට භාරදීමට නියමිතව තිබිණ .
මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල විද්වත් කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබුවේ ය.