රනිල්- සාගල – රුවන් පාස්කු කොමිසමට කැඳවෙයි

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා කැඳවා තිබේ.

ඒ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.

නීතිය හා සාමය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් ද එදින කොමිසමේ විමර්ශන අංශය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

ලබන 18 වැනිදා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ රුවන් විජේවර්ධන මහතාගෙන්ද කොමිසමේ විමර්ශන අංශය ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳවා තිබේ.

තුර්කියේ සිට මෙරටට පැමිණ සිටි ෆෙටෝ ත්‍රස්තයින් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට මෙයට පෙර ද රුවන් විජේවර්ධන මහතාගෙන් කොමිසමේ විමර්ශන අංශය ප්‍රකාශ සටහන් කර ඇත.