අල්ලස-දූෂණය දුරලන රජයේ ජාතික සැලැස්ම හෙට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවෙන් අල්ලස සහ දූෂණය තුරන් කිරීම සදහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම හෙට (18) කොළඹදී එළිදැක්වේ.

., ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම එළිදැක්වීම සිදුකෙරේ.

අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ ප්‍රධාන උපාය මාර්ග 4 ක් හදුනාගෙන ඇති අතර අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ තීරණාත්මක සාධකයන් ඇතුළත් ග්‍රන්ථ 4 ක් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව නිකුත් කෙරෙනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.