මාලි හමුදා කදවුරකට වෙඩි වරුසාවක් – සෙබළු 16ක් මරුට

Picture of අසංක

අසංක

මාලිහි මොප්ටි යුද හමුදා කදවුරට එල්ල වූ ප්‍රහාරයකින් එහි සිටි සෙබළුන් 16ක් පමණ මියගොස් තිබේ.

හමුදා කදවුරේ සිටි කරේරි නගරාධිපතිවරයා මාධ්‍ය වෙත කරුණු දක්වමින් මේ බව පවසා තිබුණි.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රහාරය සිදුවූ බවට තහවුරු කර ඇතත් වැඩි විස්තර ලබාදී නැතැයි විදෙස් වාර්තා පවසයි.

අල්කයිඩා සහ අයිඑස් ත්‍රස්තවාදීන් විසින් කලක සිට මෙහි බලය අල්ලාගැනීමේ නිරත වෙමින් සිටියි.