මෙරට සංචාරයට එන ඇමරිකානු රාජ්‍ය ලේකම්ට චීනයෙන් තවත් අවවාදයක්

Picture of අසංක

අසංක

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙදී මෙරට අභිමතාර්ථයන්ට අත්තනෝමතික ලෙස මැදිහත්වීමක් සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්භන්ධව නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව විදේශ සබඳතාවලදී අත්‍යාවශ්‍යයෙන්ම තෝරාගැනීමක් සිදුකල යුතු බවට ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සිදුකල ප්‍රකාශය , චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් බිඳ දැමීමට ගත් උත්සාහයක් වන බවද මෙම නිවේදනයේ දැක්වේ.

කුඩා හා මධ්‍ය පරිමාන රටවල අභ්‍යන්තර කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත්වීමට ඇමෙරිකාවේ ඇති උත්සාහය මේ හරහා පැහැදිලි වන බවද නිවේදනයේ දැක්වේ.

එසේම කොවිඩ් වෛරසය ව්‍යාප්තවෙමින් ඇති මෙවන් වකවානුවක , පොම්පියෝ මහතා මේ අවස්ථාවේ විශාල ඇමෙරිකානු නිලධාරීන් හා නියෝජිතයන් පිරිසක්ද සමග මෙරටට පැමිණෙමින් , මෙරට සෞඛ්‍ය නීතී රීති උල්ලංඝනය වන ලෙස කටයුතු කරන බවද චීන තානාපති කාර්යාලය චෝදනා කර ඇත