ලක්ෂිත මන්දාර
වයිස්රෝයි ස්පෙශල් නමින් හැදින්වෙන මෙම දුම්රිය දේශීය සංචාරයකයන්ට වඩා විදේශීය සංචාරයකයන් අතර ප්‍රසිද්ධ දුම්රියකි.
එයට හේතුව මෙම දුම්රිය සදහා භාවිතා කරන්නේ වර්තමානයේ ධාවනය වන ඩීසල් එන්ජිමක් නොවන අතීතයේ ලංකාවේ ධාවනය කෙරුණු වාෂ්ප එන්ජිමකි. විදේශිකයන්ගෙන් මේ සදහා මහත් ඉල්ලුමක් ඇත.
ඊට අමතරව මෙහි මැදිරි සුඛෝපභෝගී තත්වයේ ඒවාය, වායු සමනය කරනලද මැදිරි තුළ අහාරපාන, සුවපහසු ආසන, සුහදශීලි කාර්‍යමණ්ඩලය කින්ද සමන්විතය.
ඡායාරූප වල දැක්වෙන්නේ පසු ගිය සතියේ මෙම දුම්රිය විදේශිකයන් පිරිසක් සමග ත්‍රිකුණාමලය , ගල් ඔය, වාලච්චේන , සහ යාපනය ප්‍රදේශ වල කළ සංචාරයේ අවස්ථාවන් කීපයකි.
මේ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු Class B1d 340 “සර් ෆෙඩ්‍රික් නෝර්ත් ” නමින් හැදින්වෙන වාෂ්ප එන්ජිම යොදා ගැනුනි.
ඔබ දුම්රිය ලෝලියෙක්නම් දුම්රියේ ගමන් බිමන් ගැන අපුරු අත්දැකීම් අද පටන් ද කළම්බු එක්ස්ප්‍රස් ඔස්සේ ඡයාරූප සහිතව අප ඔබට ගෙන එන්න සුදානම්.
වේදිකාවට දැන් පැමිණි දුම්රිය – ද කළම්බො එක්ස්ප්‍රස්..




