කොරෝනා වෛරසයේ අතිප්‍රබල හානිකර අලුත් විශේෂයක් ඩෙන්මාර්කයෙන් හමුවෙයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයේ අලුත්ම විශේෂයෙක් මේ වනවිට ඩෙන්මාර්කයෙන් හමුවී ඇති අතර මෙය මෙතෙක් හමුවී ඇති කොරෝනා වෛරස විශේෂයන්ට වඩා ප්‍රබල හා හානිකර වෛරසයක් වන බවත් අනාවරණය වී ඇත .

කොරෝනා වෛරසය ඩෙන්මාර්කයේ වෙසෙන මින්ක් නම් සත්ව විශේෂයට ආසාධනය වීමෙන් අනතුරුව ආපසු එය මිනිසුන්ට ආසාධනය වීම හරහා මෙම නව වෛරසය බිහිවී ඇත.

මෙහිදී අන්තර් ජිවී විශේෂ ආසාදනයක් සිදුවී ඇති බවත් , වෛරසය ප්‍රබල වීමට එය හේතුවක්වී ඇති බවත් විශේෂඥයින් පෙන්වාදේ.

එසේම මේ වෛරස් කාණ්ඩයේ ප්‍රතිදේහ පිළිබඳව නිසි විශ්ලේෂණයක් කර නොමැති බැවින් නුදුරු අනාගතයේදී වෙළඳපලට පැමිණීමට බොහොමයක් කොරෝනා එන්නත් මෙයට එරෙහිව කෙසේ ක්‍රියාත්මක වේද යන්න ගැටළුවක් බවද විශේෂඥයින් සඳහන් කරති .

දැනටමත් ඩෙන්මාර්කයේ ගොවිපලවල සේවකයින් පිරිසකට මින්ක් සතුන් හරහා මෙම නව වෛරස කාණ්ඩය ශරීරගතව ඇති අතර , ස්පාඥයේ හා ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල මින්ක් ගොවිපලවල් වෙතද මෙය පැතිරී ඇත.

ජාන විකෘතියට පත් මෙම නව කොරෝනාව මැඩලීම සඳහා මින්ක් සතුන් ලක්ෂ ගණනක් මරා දැමීමට ඩෙන්මාර්ක රජය මෙන්ම ස්පාන්ඥ රජයද දැනටමත් තීරණය කර ඇත