ඉන්දියාවේ අභිරහස් රෝගයක් – අයෙක් මරුට – 300ක් රෝහලේ

Picture of අසංක

අසංක

අභිරහස් රෝගයක් හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

ඒ අතරෙන් අයෙකු මේ වනවිට මියගොස් ඇති බවද එම විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි

ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි “එලුරු” නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇති අතර මෙලෙස වාර්තා වූ රෝගීන් සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත .

ලෝකයේ දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී සිටින ඉන්දියාවෙන් මෙවැනි අභිරහස් රෝග තත්ත්වයක් වාර්තා වීම හේතුවෙන් එරට සෞඛ්‍ය කේෂ්ත්‍ර මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ පා සිටින බවද මාධ්‍ය සඳහන් කර ඇත