1 ) 2020 වසරේ ලෝකයේ අංක 1 හිමිකරගත් YouTuber වන්නේ අවුරුදු 9 ක කුඩා දරුවෙක්. පහුගිය අවුරුද්දේ ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක් යූ ටියුබ් එක හරහා උපයාගෙන ඇත
ඔහුගේ නම රයන් කාජි. ඔහු කරන්නේ තමන්ගේ යූ ටියුබ් චැනලය මගින් බ්‍රෑන්ඩඩ් ටෝයිස් (සෙල්ලම් භාණ්ඩ) සහ ළමා නිමි ඇඳුම් අන්බොක්ස් කිරීමයි.
රයන් කාජිට තමන්ගේම යූ ටියුබ් චැනල් 9 ක් ඇත . ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ ‘රයන්ස් වර්ල්ඩ්‘ Ryan’s World යූ ටියුබ් චැනලයයි. එහි සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණන මිලියන 41.7 ක්.වේ . වීව්ස් බිලියන 12.2 ක් මේ දක්වා ලබාගෙන ඇත .

2) රයන් කාජි ළඟට YouTube හරහා වැඩිම මුදලක් උපයා තිබෙන්නේ ‘මිස්ටර් බීස්ට්‘ (Mr Beast). ඔහුගෙ සත්‍ය නම ජිමී ඩොනල්ඩ්සන්. ඔහු ගතවූ වසර තුළ ඇ.ඩො. මිලියන 24 ක් උපයාගෙන ඇත . 22 හැවිරිදි තරුණයෙක් වන ඩොනල්ඩ්සන්, ත්‍රාසජනක වීරක්‍රියාවල නිරතවන්නෙකි .

3) තුන්වැනි තැන දිනාගෙන ඇත්තේ මිතුරන් පස් දෙනෙක් විසින් කරන යූ ටියුබ් චැනලයකි . ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ Dude Perfect නමින්. ගතවූ වසරේ ඔවුන්ගේ ආදායම ඩොලර් මිලියන 23 ක් ඉක්මවා ඇත

4) සිව්වෙනි තැන දිනාගෙන ඇත්තේ 2012 වසරේ පටන් මේ දක්වා YouTube ක්‍ෂේත්‍රයේ නොකඩවා තමන්ගේ සාර්ථකත්වය පවත්වාගෙන සිටින්නට සමත් වූ දෙන්නෙක් වන , Rhett සහ Link.ය . ඔවුන්ගේ චනලයද නම්කර ඇත්තේ Rhett and Link ලෙසය . ඔවුන් මේ වසරේ ඩොලර් මිලියන 20 ක අදායමක් උපයාගෙන ඇත .

5) 2012 වසරේ සිටම ක්‍රියාත්මක වන තවත් චැනලයක් වන Markiplier යූ ටියුබ් චැනලය , පසුගිය වසරේ ඉහලම ආදායම් ඉපයූ චැනල අතර 5 වෙනි තැනට පත්ව ඇත , එම චැනලය ලැබූ ආදායම ඩොලර් මිලියන 19.5කි .
