පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හෙට රහසිගත මුද්‍රණයට – අනිද්දා ජනපතිට

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව හෙට දිනයේ කොමිෂන් සභා නිලධාරීන් ගේ නිලධාරීන්ගේ අධීක්ෂණය සහ දැඩි ආරක්ෂාව යටතේ රජයේ මුද්‍රණාලයේ දී මුද්‍රණය කිරිමට නියමිතව ඇත.

එම වාර්තාව අනිද්දා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ සෙසු සාමාජිකයන් පස්දෙනා මෙන්ම ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් භාරදීමට නියමිතය.

මේ වන විට කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ තෙක් විමසන ලද සාක්ෂි වෙළුම් වශයෙන් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරමින් පවතී.