සහරාන්ලා ලවා පාසලේ අන්තවාදී පුහුණු පැවැත්වූ විදුහල්පතිවරයකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු බෝම්බකරුවන් කිහිප දෙනෙකු සඳහා සිය පාසලේ දරුවන්ට අන්තවාදී දේශන පැවැත්වීම සඳහා යුද අභ්‍යාස සිදු කිරීමට අවස්ථාව ලබාදුන් විදුහල්පතිවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ කල්පිටිය පාලන වියේ පාලවියේ අල් සුහයිරා මද්‍රාසා විද්‍යාලයෙහි විදුහල්පතිවරයාය .

ඔහු සකීර් මොහොමඩ් නමැත්තෙකි.

සහරාන් මෙම පාසලට පැමිණ ළමුන් 24 දෙනෙකුට අන්තවාදී දේශන දී පුහුණු ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව විමර්ශන විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සහරාන්ට අමතරව ශැන්ග්‍රිලා බෝම්බකරු වන ඉල්හාම් ද ඔහුගේ සහෝදරයා ද සහරාන් ගේ සහෝදරයා වන රිල්වාන් ද මෙම ස්ථානයට පැමිණ පුහුණුව ලබාදී ඇතැයි හෙළි වී ඇත.

මෙම පාසලට ඇතුළත් කර ඇත්තේ කොළඹ මට්ටක්කුලිය ආදී ප්‍රදේශයේ පදිංචි අනාථ දරුවන් ය.

නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ ලිපින යොදා දිවයිනේ විවිධ ප්‍රදේශවල දරුවන් ද මීට ඇතුළත් කර ඇති බවයි.

මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගොස් ඇත්තේ නීතීඥ හිජාස් හිස්බුල්ලා සභාපතිත්වය දරන රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ඊයේ (17) උපදෙස් දී තිබුණි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදින් සමඟ සමීප සබඳතා පැවැත්වුයේ යැයි චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල්14 වනදාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවස්ථා කිහිපයකදි රැඳවුම් නියෝග දිර්ඝ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේය.