ෆයිසර් එන්නතේ ඵලදායීතාව තවත් ඉහළට.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

( පැතුම් වික්‍රමරත්න )

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙමින් තිබෙන ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතේ ඵලදායීතාවය තවත් ඉහළ ගොස් තිබෙන බව ඊශ්‍රායලයේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

ඒ අනුව එක් මාත්‍රාවකින් පමණක් 85%ක් පමණ ආරක්ෂාවක් ලැබෙන අතර එන්නත ලබා ගත අයට කාලයත් සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ අවදානම අවම වී ඇති බව එම පර්යේෂකයන් සඳහන් කර සිටී .

එම එන්නත වැඩියෙන් නිෂ්පාදනය වන තෙක් එක් මාත්‍රාවකින් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් පවතින බව සඳහන්වේ .

පර්යේෂණය සඳහා එන්නත ලබා දුන් සෞඛ්‍ය සේවකයින් 9000කගේ පමණ වාර්තා පරීක්ෂා කර තිබෙන අතර ඉන් 7000ක් පමණ එන්නත ලබා ගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට වන අතර 2021 ජනවාරි 24 වන විට එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය 9,109 න් 7,214 ක් (79%) පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර 6,037 ක් (66%) දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.