1997ට මේ ගැනත් කියන්න..

Picture of අසංක

අසංක

නීතිවිරෝධී ලෙස ගස්‌කැපීම්‌, වැලි ගොඩදැමීම, පස්‌කැපීම්‌, කැලෑකැපීම්‌, අනවසර ඉඩම්‌ ගොඩකිරීම්‌ ඇතුළු පරිසර හානි සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා පොලීසිය සෑම විටම අවධානයෙන්‌ සිටින
අතර ඒ සඳහා නීතිය ක්‍රීයාත්මක කිරීමට නිරන්තරයෙන්‌ කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මහජනයාට වැඩි විශ්වාසයෙන්‌ යුක්තව තොරතුරු සැපයීම පහසු කිරීම සදහා “1997” දරණ කෙටි දුරකථන අංකය දැනටමත්‌ ක්‍රියාත්මක ය.

ඒ ඔස්සේ ඉහත අපරාධ සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ විශේෂ කාර්යංශය, මූලස්ථානය අමතා මහජනතාව විසින්‌ දැනටමත්‌ පැමිණිලි ඉදිරිපක්‌ කර ඇත.

ඒ අනුව මහජනතාව විසින්‌ ඔවුන්ගේ වගකීමක්‌ ලෙස සලකා නීතිවිරෝධී ලෙස ගස්‌ කැපීම්‌, වැලිගොඩ දැම්ම්‌, පස්‌කැපීම්‌, කැලෑ කැපීම, අනවසර ඉඩම්‌ ගොඩකිරීම්‌ ඇතුළු පරිසර හානි සම්බන්ධයෙන්‌ යම්‌ තොරතුරක්‌ වෙතොත්‌ 1997 අංකය අමතා තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය
මහජනතාවගෙන්‌ තවදුරටත්‌ ඉල්ලා සිටී.

එමෙන්ම මෙම 1997 අංකය වෙත පහත විෂයන්‌ සම්බන්ධයෙන්ද තොරතුරු ලබාදෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන්‌ ඉල්ලා සිටි.

01. විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු

02. ජාතික ආරක්ෂාවට තර්ජනයක්‌ චියහැකි ක්‍රියාකාරකම්‌ සහ මහජන සාමයට බාධාවක්‌ විය හැකි
ක්‍රියාකාරකම්‌ පිළිබඳ තොරතුරු

03. මහාපරිමාන දුෂණ ක්‍රියා පිළිබඳ තොරතුරු

04. සංවිධානාත්මක අපරාධ කල්ලි හා එම ක්‍රියාකාරකම්‌ පිළිබඳ තොරතුරු

05. වෙනත්‌ සුවිශේෂී තොරතුරු