වේල්ලවීදියේ මහමග  දමාගිය බෑගයක් තුළ තරුණියකගේ මළසිරුරක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ මහ මඟ දමා ගිය බෑගයක් තුළ හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ඊයේ (01) සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවය.

 

පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට තොරතුරක් දී තිබේ. ඒ අනුව පොලීසිය කළ සෝදිසියේදී එම කාන්තා මළ සිරුර සොයා ගැනුණි.

 

සිරුර බහා තිබූ ගමන් මල්ල පුද්ගලයෙකු රැගෙන විත් මෙම ස්ථානයේ දමා යන අයුරු සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇත. පොලිස් නිල සුනඛයෙකු ද යොදාගනිමින් එහි පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) සිදුකිරීමට නියමිතය.