ශ්‍රීලනිප ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් ලක්ෂ ගණනක අල්ලසක් ගනිද්දී  අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් හාරලක්ෂ විසිපන්දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ පස්  අලෙවි ව්‍යාපාරිකයෙකුගෙනි.
බාධාවකින් තොරව ඔහුට පස් පස්කන්දක් ලබා ගැනීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොහො සම සඳහන් කරයි.
එක් ටිපර් රථයකින්  රුපියල් 1000  බැගින් 450,000ක මුදලක් මෙලෙස අල්ලස් ලෙස ඉල්ලා ඇත.
නිකවැරටිය පුත්තලම පාරේ හෝටල් පරිශ්‍රය කදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අල්ලස් ලබා ගන්නා මොහොතේ ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ  1954 කෙටි දුරකථන අංකය වෙත මෙම අල්ලස් ඉල්ලීම  පිළිබඳ  පැමිණිල්ල ලැබී ඇත්තේ පෙරේදා (01) දිනයේ ය.