කොවිඩ් සිරුරු භුමදානයට  මාර්ගෝපදේශ නිකුත් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

COVID-19 ආසාදිත මළසිරුරු භූමදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය නිකුත් කෙරේ.

 

එහි දැක්වෙන ප්‍රධාන මාර්ගෝපදේශ කිහිපයක් පහත දක්වා ඇත.

 

* මෘත දේහය ප්‍රමාදයකින් තොරව භූමදාන කිරීම සඳහා මියගිය අයගේ ඥාතීන් සෞඛ්‍ය සේවා ආයතනයේ අධ්‍යක්ෂ / ප්‍රධානියාට (මරණය සිදුවූ ස්ථානය) වහාම දැනුම් දිය යුතුය.

* සිරුර භූමදානය කිරීමට නම් රෝහලේ අධ්‍යක්ෂක / සෞඛ්‍ය සේවා ප්‍රධානියා වෙත ඥාතීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් තිබිය යුතුය.

ඥාතීන් මිනී පෙට්ටියක් කල්තියා ලබා දිය යුතුය.

* මෘත දේහ නාච්චිකුඩා ජැටිය වෙත ප්‍රවාහනය කරන වාහනය දිනපතා උදේ 5.30 ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නම් කරන ලද මෘතදේහ ලබාගන්නා මධ්‍යස්ථානයෙන් පිටත් වේ.

* බලයලත් නිලධාරීන් විසින් රැගෙන යන ලද මළ සිරුර ප්‍රදේශීය MOH නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් නාච්චිකුඩා ජැටියෙ හි අදාළ ස්ථානයට භාර දෙනු ලැබේ.

* භූමදානය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් වෙන් කරන ලද දූපතක පොලිස් / ආරක්ෂක නිලධාරීන්ගේ පහසුකම් හා සම්බන්ධීකරණයෙන් ඥාතීන් ඉදිරියේ ය.

* ආගමික කටයුතුවලට අවසර ඇත්තේ රෝහලේදී පමණි.

* ඥාතීන්ට හෝ අනවසර පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා ආයතන තුළ ඡායාරූප, වීඩියෝ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට අවසර නැත.

* භූමදානය සඳහා සහභාගි විය හැක්කේ ඥාතීන් දෙදෙනෙකුට පමණි.