අලුත් අවුරුද්දෙන් පසු කොවිඩ් තුන්වන රැල්ලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී

එළඹෙන උත්සව සමයෙදී   සෞඛ්‍ය  මාර්ගෝපදේශ  නිසි ලෙස ක්‍රියාමත්මක නොකරන්නේනම්  මහා ව්‍යවසනයකට මුහුණදීමට සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසීය

ඉදිරියේ දී එන පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ නිකුත් කල යුතු බවත්  එසේ නැතිනම්  අලුත් අවුරුද්දෙන් පසු  තුන්වන කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණ  දීමට සිදුවනු ඇති බවත් උපුල් රෝහණ මහතා පැවසීය “