පස්සර අනතුරේ රියදුරු අන්තරාදායක රිය පැදවීමට වරෙන්තු තිබූ අයෙක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ජීවිත ගණනාවක් බිලි ගනිමින් සිදුවූ පස්සර අනතුරේ බස් රථය පැදවූ රියදුරාට මීට පෙරද අන්තරාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ අයෙකු බවට අනාවරණය වී තිබේ.
එම විවෘත වරෙන්තුව නිකුත් කළ තිබී ඇත්තේ මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් මතයි.
එමෙන්ම පස්සර දී අනතුරට ලක් වූ බස් රථය ලුණුගල සිට අනතුරට ලක්වූ ස්ථානයට පැමිණිය යුතු  සාමාන්‍ය ගමන් කාලය විය යුත්තේ පැයක කාලයක් වුවද මෙම රියදුරා එදින විනාඩි විස්සක් තුල මෙම ස්ථානයට ළඟා වී ඇති බවට හෙළි වී ඇත.