රිෂාද් බදියුදීන් සහ සොයුරා රියාජ් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොයුරකු වන රියාජ් බදියුදීන් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අද අළුයම එකයි තිහ පමණ වන විට ඔහුගේ සොයුරා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අද අලුයම 4 පමණ වනවිට රිෂාද් බදියුදීන් මහතාද බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.