පී සී ආර් පරීක්‍ෂණ ප්‍රමාණය ඉතා අවමයි – මෙහෙම ගියොත් රට අනතුරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෛනික පී සී ආර් පර්යේෂණ ප්‍රමාණය 15000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය සඳහන් කලත් තවමත් ඒ ආසන්නයට හෝ පැමිණීමට වගකිවයුතු අංශ නිසි පියවර ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය චෝදනා කර සිටී .

මෙලෙස අවශ්‍ය මට්ටමට පී සී ආර් පර්යේෂණ ප්‍රමාණය ඉහල නැංවීම සිදුනොකළහොත් ඉදිරියේදී මෙරට කොරෝනා ව්‍යාප්තිය බරපතල තත්වයකයකට  ඇදවැටෙනු ඇති බවද එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය.මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

මේ වනවිට රට පුරා රෝගීන් හමුවීම සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති බවත් මේ මොහොතේ පී සී ආර් පරීක්‍ෂණ  අඩුවෙන් සිදුකිරීම හරහා කොවිඩ් පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහෙනු. ඇති බවත් ඒ මහතා අනතුරු අඟවා සිටී