පළාත් විදියට හරි රට ලොක්ඩවුන් කරන්න – කිරිඇල්ල ඉල්ල්යි

Picture of අසංක

අසංක

පවතින කොවිඩ් වසංගතය හමුවේ පළාත් වශයෙන් හෝ රට ලොක්ඩවුන් කරන්නැයි ද වැඩපිළිවෙළක් ඇත්නම් නම් පමණක් ආණ්ඩුවට සහයෝගය දෙන්න සූදානම් බව ද සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (05) දින පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කොවිඩ් විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ආණ්ඩුව තෝරාගන්නෙ ආර්ථිකය ව්‍යවසනය ද? සෞඛ්‍ය ව්‍යවසනය දැයි විමසූ මන්ත්‍රීවරයා දේශපාලන තීන්දුවලට සහය නොදෙන බවත් මේ සම්බන්ධව තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලා සිටියේය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන කාරණාවලට ආණ්ඩුව නිහඬව සිටින බව හෙතම පැවසීය.

චීනයට මෙරටට බින්න බහින්න දීම නිසා ඉන්දියාව ශ්‍රී ලංකා සමඟ අමනාප වී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ඉන්දියාව කලාපීය බලවතා බව කී මන්ත්‍රීවරයා, හොඳ හිත වර්ධනය කරගෙන සිටියා නම් ඉන්දියාවෙන් එන්නත් ලබා ගැනීමට හැකියාව තිබූ බව කියා සිටියේය.