අද කොවිඩ් මරණ 11ක් – සුවවූවන් ලක්ෂය පනී

Picture of අසංක

අසංක

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 720කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළගොස් තිබේ.