රජයේ මුද්‍රණාලය ජනපතිගෙන් ඉවතට

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ජනාධිපතිවරයා යටතේ තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව මින් පසු එය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පැවරීම සිදු කර තිබේ.

ජනාධිපතිවරයා විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් 09 වැනිදායි.