නියං ගංවතුරෙන් පීඩාවිඳින ගොවීන්ට ලෝක බැංකුවෙන් මිලියන 125ක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසවලට ගොදුරු වන මෙරට ගොවීන්ට උපකාර කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව ඊට අදාළ ණය ගිවිසුමට අද (1 3)ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අත්සන් තැබුනි ,

ලබන 14 වැනි දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන්හි ද පැවැත්වෙන ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තැබිණ .

එම රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද අමෙරිකාව බලා පිටත්ව ගියේ ය.