වඳවී ගිය මානව වර්ගයක සාක්ෂි හමුවේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වඳ වී ගිය මානව වර්ගයක සාක්ෂි රැසක් පිලිපීනයේ ල්‍යුසෝන් (Luzon) දූපතෙන් .හමුවී ඇත .

හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කර ඇති මෙම මානව වර්ගයේ , ශාරීරීක ලක්ෂණ, ආදි මානවයින්ගේ සහ මෑත කාලීන මානවයින්ගේ ලක්ෂණවල එකතුවක් ලෙස සැලකේ .

ල්‍යුසෝන් දූපතේ පිහිටි කැලවෝ කේව් නමැති හුණුගල් ගුහාවේ තිබී හෝමෝ ල්‍යුසොනෙන්සිස් මානව වර්ගයට අයත් අස්ථි කැබලි හමුවී ඇති අතර ඒවා වසර 67000 – 50000කට පෙර කාලයට අයත් බව මේ වනවිට කාල නිර්ණය කර තිබේ.

එහිදී අස්ථි කොටස් 13ක් සොයාගෙන ඇති අතර, දත්, අතක අස්ථියක්, පාද අස්ථි මෙන් ම කලවා අස්ථියක් ද වේ. එම කොටස් වැඩිහිටියන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට අයත් බවට තහවුරු කරගෙන ඇත.

මෙම නව සොයා ගැනීම් අනුව ,, ප්‍රාථමික මානව ඥාතීන් අප්‍රිකාව අතහැර අගින්දිග ආසියාව දෙසට සංක්‍රමණය වී ඇති බව සනාථ වන බව ඉතිහාසඥයින් පෙන්වාදේ.

එසේම , ආසියානු කලාපයේ මානව පරිණාමය වටහා ගැනීම අතිශය සංකීර්ණ වූවක් බවද .මෙම නව සොයා ගැනීම්වලින් පෙනී යන බව ඉතිහාසඥයින් පවසති.