මධූෂ්-අමල්-නාලකගේ සම්බන්ධය ගැන නදිමාල් සියල්ල වමාරයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ්, නාලක සිල්වා සහ තම පියා අතර පැවැති සම්බන්ධතාව පිළිබද ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අද හෙළිකර තිබේ.

නදිමාල් ඔහු දන්නා සියලු කරුණු එහිදී හෙළිකළ බව රහස් පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව කළ ප්‍රශ්න කිරීම් හමුවේ නදිමාල් පෙරේරා මෙම කරුණු හෙළිකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉහත කරුණු සම්බන්ධයෙන් නදිමාල් පෙරේරාගෙන් අද දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණි.