චීනයේ විරෝධය නිසා ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම අර්බුදයක

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

චීනයෙන් එල්ලවන දැඩි විරෝධතා හමුවේ ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව අතර,වන ‘ජාතික ආරක්ෂාව උදෙසා ආධාර සැපයීමේ’ ගිවිසුම, ක්‍රියාවට නැංවීම සම්භන්ධව බරපතල ගැටළු මතුව ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කර සිටී.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා වසර 5ක් වෙනුවෙන් රුපියල් කෝටි 105ක මුල්‍ය ආධාරයක් පිරිනැමීමේ ගිවිසුමකට එළඹුනු අතර මෙකී මුල්‍ය ආධාරය උපයෝගී කරගත හැක්කේ ශ්‍රී ලංකාව වටා සමුද්‍රීය ආරක්ෂාව තර කිරීමටය.

ඒ අනුව අධි තාක්ෂණික නාවික යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු කලාපය මුරකිරීම, මත්ද්‍රව්‍ය පාලනය ආදී කටයුතු වෙනුවන්ද මෙකී ආධාරය උපයෝගී කරගත හැක.

නමුත් මෙයින් තම පාලනය යටතේ පවත්නා හම්බන්තොට වරායට පැමිණෙන හා පිටත් වන යාත්‍රා ද නිරීක්ෂණයට අවකාශ සැලසෙන බැවින් , මෙම ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන ලෙස චීන රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.