Featured


Share now!

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධියට අදාළව එහි කපිතාන්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ඔහු අද දින කොළඹ මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් කපිතන්වරයා රුසියානු ජාතිකයෙක් වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂයෙන්ම මහ මුහුදේ දී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග බවත් එහි අනන්‍ය බලය පැවරී ඇත්තේ කොළඹ මහාධිකරණය වෙත බවත් නියෝජ්‍ය පොලිස්පති වරයා අවධාරණය කරයි .

තවදුරටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.