හරින්ගෙ ට්විටර් පණිවුඩෙන් බළලා මල්ලෙන් පනියි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලේගම

අන්තවාදි මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ කල්තබා දැනගෙන සිටි බව කියැවෙන අන්තර්ජාලයේ සැරිසැරු ආන්දෝලාත්මක ලිපිය විකෘති එකක් නොවන බව පළමුව අනාවරණය කරනු ලැබුවේ ද කළම්බො එක්ස්ප්‍රස් විසිනි.

එම ලිපියට අදාලව ආරක්ෂක මණ්ඩලය රැස්වු අවස්ථාවේ ඇතිවු උණුසුම් තත්ත්වයත් මෙයට පෙර පළ කළ අප ප්‍රවෘත්තිවල සදහන් විය.

එහි අලුත්ම හෙළිදරව්ව සිදුකර ඇත්තේ ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඔහුගේ නිල ට්විටර් ගිණුම හරහාය. අදාල සදහනට අනුව මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන අනතුරු ඇගවීමේ බුද්ධි අංශ ක්‍රියාත්මකවීම හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පියා දැන සිට ඇත්තේ ඊට පෙර දින රාත්‍රියේය.

බුද්ධි අංශ නිලධාරින් මේ සදහා ක්‍රියාත්මක වීමට ප්‍රමාද වුයේ ඇයි දැයි විමසීමට ගිය ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට ට්විටර් ගිණුම තුළ ඊට එරෙහි ප්‍රතිචාර රැසක් හා චෝදනා රැසක් එල්ල වී තිබේ.

ඒ ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරයෙකුලෙස තාත්තා දැනගෙන සිටි දෙයින්වත් තොරතුරක් ගෙන ඇමැති හරින් ප්‍රනාන්දු මහතාවත් ක්‍රියාත්මක නොවීම නිසා නැතිවු ජීවිත ගණන 200 ඉක්මවාගිය බවට වන මතවාද යොමු කරමිනි.  පහත දැක්වෙන්නෙ ඇමැති හරින් ප්‍රනාන්දු මහතා යොමුකරතිබු ටිව්ටර් පණිවුඩයයි.