දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට එරෙහිව රනිල් උසාවියට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදුකළ බවට තොරතුරු වාර්තා වූ බවය.

අනතුරුව අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාට ද බලපාන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍යවලින් ප්‍රචාරය වී තිබූ බවද ඔහු සඳහන් කරයි.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදුකර ඇති බව පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.