ගෙදරට ගෙන්නලාම ජනපති පොලිස්පතිට යන්න කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ/ රමේෂ් වරල්ලෙගම

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඊයේ ( 23) රාත්‍රියේ සිය මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසට කැදවු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට වහාම සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ.

අයි.එස්.අයි.එස් ප්‍රහාරය පිළිබදව වගකීම භාරගෙන වහාම ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට මෙසේ දැනුම් දී ඇතිබව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර අද උදෑසනවනතුරුත් පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.

ජනාධිපතිවරයාගේ උපදෙස පිලිනොගෙන පොලිස්පතිවරයා දිගින් දිගටම සිය තනතුරේ කටයුතු කිරීමට ක්‍රියාකළහොත් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ.

මේ නිසා ජනාධිපතිවරයා අදාල ලබාදී ඇති කාලය නිමා වු පසුව පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට වුවද ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ගයන්ගෙන් ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නට ලැබිණි.