කොවිඩ් රෝගය හඳුනාගන්න , දුරකථන යෙදවුමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වසංගතය තත්වයට අදාලව තම ශරීර සෞඛ්‍ය පිළිබඳව තනිවම නිරීක්ෂණය කළ හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ . මෙම යෙදවුම හරහා විනාඩි කිහිපයක් තුළ ශරීරයේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂා කළ හැකිය.

පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, ලැබෙන වාර්තා තුළින් උපදෙස් ලබාදීම, පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම් සමග බෙදා ගැනීම සඳහාත් මෙම යෙදවුම හරහා හැකියාව පවතී.

ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL), ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) යන සංවිධානවල මගපෙන්වීම යටතේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් විසින්ම මෙම ජංගම දුරකතන යෙදවුම සකස් කර ඇති අතර රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් එය නිර්මාණය කර ඇත.

කොවිඩ් 19 වසංගතයට එරෙහි ‘ස්මාර්ට් පළිහ’ (Self Shield) ලෙස මෙය නම්කර ඇත .