සංචරණ සීමා ලිහිල් කිරීම , ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථිකය දියුණු කිරීමට මිනිසුන් ජීවත්ව සිටිය යුතු බවත්, ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසුව ආර්ථිකය පිළිබඳ සලකා බැලිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී .

විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය රටපුරා ව්‍යාප්තවෙමින් තිබියදී රජය විසින් පනවා ඇති සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙ.

මේ වනවිට හමුවන ආසාදිතයන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්වන අතර රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයද ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන එම සංගමය  තවදුරටත් රෝගීන් ඉහළ ගියහොත් සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද සඳහන් කර ඇත .. කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති ඇතැම් රෝහල්වල ධාරිතාවය මේ වනවිටත් ඉක්මවා ගොස් ඇති බවත් සීමා ලිහිල් කිරීම හමුවේ ඉදිරියේදී ආසාදිතයන් හමුවීම තවදුරටත් ඉහළ යා හැකි බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙ