කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට 12000කගේ රැකියා අහිමිවෙලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට  12000 කට අධික  පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

කම්කරු අමාත්‍යංශය සංගණනයක් කොට මේ දත්ත හෙළි කර ගත් බව ද කම්කරු ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය .

කෙසේ වෙතත් මෙරට ලක්‍ෂ  ගණනක පිරිසකගේ  රැකියා අහිමිවී ඇති බවට විපක්‍ෂය නගන චෝදනා අසත්‍ය බවද ඒ මහතා පැවසීය   .සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.