අද සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (23) උදෑසන සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කර සිටී

සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවත් ඒ අනුව, අළුයම 4 සිට දුම්රිය ගමන් වාර නිසි පරිදි ආරම්භ කිරිමට පියවර ගත් බවත් දුම්රිය පාලක මැදිරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ අතර, කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පලෙන් පිටත් වන බස් රථ
සමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇති බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටී .