මෙරට සමස්ත කොවිඩ් මරණ 5000 පනී – අදත් 98ක්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 98 ක් ඊයේ දිනයේත් සිදුව ඇති අතර ඒ සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 5,017 ක් දක්වාා ඉහළ යයි.

පෙරේදා දිනයේත් කොවිඩ් මරණ 98 ක් වාර්තා විය.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර කාන්තාවන් 51 දෙනෙක්ද පිරිමින් 47 දෙනෙක්ද සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2796 දෙනෙක් අද දිනයේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් ගණන 327,019කි.

ඒ අයගෙන් අද දින සුවය ලබා නිවෙස් වලට ගිය 2,487 ද සමග සුවය ලැබු සමස්තය කොවිඩ් ආසාදිතයන් ගණන 290,794කි.